මෙසේ අනතුරට ලක්වුණේ කොළඹ සිට අරුවක්කාලු දක්වා කසළ ප්රවාහනය කරමින් තිබු ටිපර් රථයක්.
ඉදිරියෙන් ධාවනය කරමින් තිබු කසල පැටවු ටිපර් රථය හදිසියේ තිරිඟ තද කිරීමත් සමඟ පසුපසින් පැමිණි ටිපර් රථයේ ගැටී තිබේ. අනතුරුව මුන්දලම පොලිසිය විසින් කසල පටවා තිබූ ටිපර් රථය දොඹකර හා ලොරි රථ ආධාරයෙන් මුන්දලම පොලිසිය වෙත රැගෙනයාමට කටයුතු කෙරිණ. රියදුරන් පැය හතරකට ආසන්න කාලයක් එක දිගට කිලෝ මිටර් 150 කට වැඩි දුරක් ධාවනය කිරීමත් සමඟ පත්වන අධික නිදිමත හා වෙහෙස අනතුරට හේතු විය හැකි බවයි, පොලීසිය පවසන්නේ.