චන්ද්‍රිසිරි ගජධීරගෙන් හිස් වු අසුනට මනෝජ් සිරිසේන

සැප් 13, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් හිස් වු මන්ත්‍රී ධුරය සඳහා මනෝජ් සිරිසේන මහතා පත් කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ඊයේ(12) නිකුත් කලේය.

    මනෝජ් සිරිසේන මහතා 2015 වසරේ පැවැති මහමැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තරග කරනු ලැබිණ. එ අනුව ඔහුට මනාප ලැයිස්තුවේන් පාර්ලිමේන්තුවට පැමිණිමට නොහැකි විය.

    ඔහු පසුගිය අප්‍රේල් 23 වැනිදා දක්වා දකුණු පළාත් සභාව නියෝජනය කලේ පලාත් ඇමතිවරයෙකු ලෙසිනි.

    Latest News