පළාත් කිහිපයකට රාත්‍රියේ වැසි

නොවැ 24, 2018

    උතුරු- මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ දී වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලට පැතිර යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුර, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තැනින් තැන උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ද ඇති විය හැක අතර උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බටහිර මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    හම්බන්තොට සිට පොතුවිල්, ත්‍රිකුණාමලය,කන්කසන්තුරයසහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

    සෙසු මුහුදු ප්‍රදේශවල සුළංනිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-30 පමණ වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං(පැ.කි.මී 70-80 පමණ) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

    Latest News