ඇල්පිටිය තැපැල් ඡන්දය අදයි

සැප් 27, 2019

    ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (27) මධ්‍යස්ථාන 269කදී සිදු කෙරේ.

    ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යු චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළේ තැපැල් ඡන්ද අයඳුම්පත් 1192ක් පිළිගෙන ඇති බවයි.

    ජාතික මැතිවරණයකදී මෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දින 02ක් හිමි නොවන අතර, අද දිනය තුළ කෙසේ හෝ ඡන්දය භාවිත කරන ලෙස අයඳුම් කරුවන්ගෙන් ඉල්ලා සිටින බව දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත.

    එහෙත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අද දිනය තුළ නොහැකි වන පුද්ගලයින්ට ඔක්තෝබර් 04 වැනි දින දිස්‍ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී පමණක් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

     

    Latest News