ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාල ලිපි ලේඛණ මේ වන විට ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි. දැනට ක්රියාත්මක දුම්රිය වර්ජනයට පිළියමක් වශයෙන් දුම්රිය ඉංජිනේරු සංගමය දුම්රිය ධාවනයට එක්වන බව ඊයේ නිවේදනය කර තිබේ.
දුම්රිය ඉංජිනේරුවන් 100ක් පමණ අද (03) සිට කාර්යාල දුම්රිය ධාවනය සඳහා විශේෂයෙන් එක් වනු ඇති බව එම සංගමයේ සභාපති අශෝක මුණසිංහ මහතා ප්රකාශ කළේ. ඒ අනුව අලුත්ගම සිට කොළඹ දක්වාත්, නුවර සිට කොළඹ දක්වාත්, මහව සිට කොළඹ දක්වාත් හලාවත සිට කොළඹ දක්වාත් දුම්රිය ධාවන කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.