රුක්මල්ගම රත්කරමින් මහරෑ පාතාල සාමාජිකයන් මරුට

නොවැ 27, 2018

    කොට්ටාව - රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යට දී පොලිස් විශේෂ බලකා නිලධාරීන් විසින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී සිදුවූ වෙඩි හුවමාරුවකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

    සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර අනතුරුව නිලධාරීන් විසින් සිදුකළ ප්‍රතිප්‍රහාරයකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් යන අය බවට හඳුනාගෙන ඇත. හබරකඩ වසන්ත යන අය මීට මාස කිහිපයකට පෙර මාතර නගරයේ රන් භාණ්ඩ ආයතනය කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකු වේ.

    සැකකරුවන් සන්තකයේ තිබී මැෂින්ගන් වර්ගයේ තුවක්කුවක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සොයා ගත් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

     

    Last modified on අඟහරුවාදා, 27 නොවැම්බර් 2018 08:00

    Latest News