ලුණුගම්වෙහෙරත් වාන් දමයි (විඩියෝ)

නොවැ 27, 2018
  • වසර තුනකට පසු ලුණුගම්වෙහෙර ජලාශය වාන් දැමීම ආරම්භව තිබේ.

    ජලාශය වාන් දොරටු හයෙන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කර ඇත. ජල පෝෂිත ප්‍රදේශ වන ඇල්ල වැල්ලවාය ප්‍රදේශවලට තද වැසි ඉදිරියේ ලද හොත් ජලාශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බැවින් පහල කිරිඳිඔය දෙපස ජනතාවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බව තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. අමිල ශිරන්ත මහතා පවසයි.

    අක්කර අඩි එක්ලක්ෂ අසූ තුන්දාහකින් යුත් ලුණුගම්වෙහෙර ජලාශයෙන් කුඹුරු අක්කර 13,500 ක් යල මහ දෙකන්නයේ ම වගා කෙරේ. 2015 නොවැම්බර් ලුණුගම්වෙහෙර ජලාශය වාර දැමීමෙන් පසු මෙවර වාන් දැමීම සිදුවන්නේ වසර තුනකට පසුයි.

     

    Last modified on අඟහරුවාදා, 27 නොවැම්බර් 2018 13:23

    Latest News