එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය නියම කළේ මෙම නඩුවට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා නොවැම්බර් මස 13 වනදා ඉදිරිපත් කරන ලෙස ජෝස්ටන් ප්රනාන්දු මහතාගේ පාර්ශ්වයට නියම කළේය.
එම ලිඛිත දේශනාවට අදාළ පිළිතුරු ලිඛිත දේශන තිබේ නම් ඒවා නොවැම්බර් මස 20 වනදා ඉදිරිපත් කරන අධිකරණ ලෙසයි අභියාචනාධිකරණය අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.
ඉකුත් රජය සමයේ සතොස ආයතනයේ සේවකයන් එකසිය පනස් තුන් දෙනෙක් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට කෝටි හතරක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් තමාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බව පෙත්සම්කාර ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අභියාචනාධිකරණයේ සඳහන් කර තිබේ.
එමචෝදනා පත්රය ගොනු කර තිබෙන ආකාරය නීති විරෝධී බවට මූලික විරෝධතාවක් මතු කළත් එය ප්රතික්ෂේප කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරිය කටයුතු කළ බවයි ඔහු කියා සිටින්නේ.
කොළඹ මහෙස්ත්රාත්වරියගේ තීරණය අභියෝගයට ලක්කරමින් ප්රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම ප්රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළ බව ජොන්ස්ටන් ප්රනාන්දු මන්ත්රීවරයා චෝදනා කරයි.
ඒ නිසා කොළඹ මහේස්ත්රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් දුන් තීන්දු නීතිවිරෝධී බවට නිගමනය කර තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ප්රතික්ෂේප කරන ලෙසද ජොන්ස්ටන් ප්රනාන්දු මන්ත්රීවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.