එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර අනුර සේනානායක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටියේය. ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දන්වා සිටියේය. එම නිසා නඩු විභාගය අවලංගු කර කැඳවීම් දිනයක් ලබා දෙන්නැයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත නොවැම්බර් මස 7 වනදා කැඳවීමට නියම කළේය. වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය පිළිබඳව සාක්ෂි වසන් කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.