සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (23) දින රාත්‍රී ජා-ඇල නගරයේ පැවති ජන හමුවට එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...
කොච්චිකඩේ,කටුපාඩිය,සියෝන් දේවස්ථානවලට සහ තවත් ස්ථාන කිහිපයටක එල්ල කළ නීච ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ අහිංසක දරු දැරියන්, අහිංසක ජනතාව ගැන කතා කරන්නේ කවුද? පෙනී සිටින්නේ කවුද, ජාති,ආගම්,පක්ෂ,පාට භේදයකින් තොරව එවන් නීජ ක්‍රියා සිදු කරන සියලු දෙනාට නිවැරදිව නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් බවට ඔප්පු වූ පසුව, රටේ සියලු ජනතාවගේ යහපත ගැන සිතා කණගාටුවෙන්, අකමැතිතෙන් වුවද මරණීය දණ්ඩනය ලබා දීමට කටයුතු කරනවා. එවිට ඉදිරියේ දී මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා සැළසුම් කරන්න සූදානමින් සිටින පුද්ගලයින් එම ක්‍රියා නතර කිරීමට සිතුවිල්ලක් ඇති වෙනවා. අහිංසක මිනිස් ජීවිත විනාශ කරන්නට තමන් කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ.
ජාතික ආරක්ෂාව තහවුර ුකිරීමේ තම ප්‍රතිපත්තිය තුළ ත්‍රස්තවාදය පමණක් නොව, කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීමට ද ඉහළ ප්‍රමුඛත්වය ලබා දෙනවා. පාසල් දරු දැරියන්ගේ ජීවිත විනාශ කරන, ජන සමාජයේ මිනිස් ජීවිත විනාශ කරන මහා රපිමාණ කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ද නීතිය සර්ව සාධාරණව ක්‍රියාත්මක කර මණ දඩණ්ඩනය ලබා දීමට පියවර ගන්නවා. ඒ තුළින් සමස්ථ පොදු ජනතාවගේ ජීවිත සෑම පැත්තකින්ම ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. 30 වසරක කුරිරු ත්‍රස්තවාදය විනාශ කර ජනතාවටා නිදහසේ ජීවත් වීමට අවස්ථාව උදාකර දුන් නියම යුද වරුවාණන් වන සරත් ෆොන්සේකා මහතාට, එම වගකීම ඉටු කිරීමට තමන් අවස්ථාව ලබා දෙනවා.
පොදු ජනතාව සහන ලබාදීමට සජිත් ප්‍රේමදාස මුදල් කොහින්ද කියා ප්‍රතිවාදින් අද මාගෙන් ප්‍රශ්න කරනවා. කෝටි ප්‍රකෝටි ගණනින් ජනතාවගේ මුදල් වියදම් කර රජ පවුලට සුරසැප විදීම සඳහා පිහිණුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන,වැනි සුපිරි පහසුකම් සහිත රජ මාළිගා යාපනය ඇතුළුව රට පුරා ඉදිකිරීමට මුදල් තියෙනවා නම්, නෙළුම් කුළුණ, සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීමට මුදල් තියෙනවා නම් ජනතාවට සහන ලබා දීමට මුදල් නැත්තේ ඇයි. ඉදිරියේ දී එළඹෙන්නේ ජනතා මුදලින් රජ පවුලි රජ කරවන යුගයක් නොව, පොදු ජනතාවට සහන සැලසෙන පොදු ජනතාව රජ කරවන යුගය සජිත් ප්‍රේමදාස උදා කරනවා..යනුවෙන්ද පැවසීය.