යුදවාදී මානසිකත්වයකින් සිටින ජනාධිපති අපේක්‍ෂකයින් පරාජය කළ යුතුයි; පුරවැසි බලය

ඔක් 26, 2019

    මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රජාතන්ත්‍ර විරෝධි යුදවාදී මානසිකත්වයකින් සිටින ජනාධිපති අපේක්‍ෂකයින් පරාජය කළ යුතු බව, පුරවැසි බලය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ප්‍රජාතන්ත්‍ර විරෝධි නායකයින් බලයට පත් කර ගැනීමෙන් ජනතා අයිතිවාසිකම් රැක ගැනීමට නොහැකි බව, එම සංවිධානය පවසයි. බණ්ඩාරගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකදී පුරවැසි බලය සංවිධානය මේ බව පැවසීය.

    සමන් රත්නප්‍රිය මහතා...

    “නාගරික සංවර්ධන අධිකාරියට සොල්දාදූවෝ හත් දාහක් දාගෙන, අතිවිශාල ජනස්කන්ධයක් වියදම් කරලා තිබුණු සල්ලිත් මදිවෙලා ගෝඨාභය රාජපක්‍ෂ නාගරික සංවර්ධන අධිකාරිය අතඅරිනකොට අලාභය මිලියන 39 දාහයි. මංමාවත් හැදෙනවා, මංමාවත් හැදෙනවා, එපාර්මන්ට් හැදෙනවා, තට්ටු ගොඩනැගිලි හැදෙනවා. ගෝඨාභය එදා තමන්ගේ ගම්බිම් හැර යන්න අකමැති මිනිසුන්ගේ බයිනෙත්තුව ඔලුවට තියලා තමයි එලෙව්වේ. එහෙමයි එදා එයා ලස්සන කළේ. අද එහෙම නැහැ. එදා පාඩුයි. හැබැයි අද ලස්සන කරනවා ලාභයි. පාඨලීට හැකියාවක් ලැබිලා තියෙනවා කොළඹ ලස්සන කරන්නයි ලාභ ලබන්නයි. එහෙමනම් ගෝඨාභය වැඩකාරයෙක් නෙමෙයි“ යැයි සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

    ධර්මසිරි බණ්ඩාරනායක මහතා..

    “අමනුෂ්‍යයෙක් එනවා අපි පරාජය කරලා කෑලි කෑලි කපලා විනාශ කරපු ඒ සර්පයා දැන් කෑලි පූට්ටු කරගෙන නැවත එනවා අපි තමයි යුද්ධය ජයග්‍රහණය කලේ. ඒ නිසා දැන් මේ යුදවාදියෙක් ඇවිල්ලා මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා අපෙන් ඉල්ලනවා මම රට හදන්නම්. දැන් මීට පෙර එවුන් රට හැදුවේ නැද්ද“ යැයි ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය.

    සුනිල් පෙරේරා මහතා..

    “තමුන්නාන්සේලා බයෙන් ඉන්න ඕනේ නැහැ. අපිට තියෙනවා නිදහස. මගේ ළඟම හිතවත් කෙනෙකුට ඉතාම නකර විධියට බැණ වැඳුනා. ඒ නෝනා හැව්වේ මොකවත් නෙමෙයි බලු පැටියෙක් ගේන්න ප්ලේන් එකක් ගියාද. මහා තර්ජනාත්මක විදියට බැණ වැඳිලා බලු පැටියෙක් නෙමෙයි අලියෙක් ගේන්නත් මට පුලුවන්. තමුසෙට ඇති වැඩේ මොකක්ද? එහෙම කේන්ති ගන්න නායකයෝ හොඳ නැහැ. එතකොට තමාගෙන් සිදුවිය යුත්තේ මේ ඉන්න රකුසාවාගේ එකාව පන්න ගන්න එකයි. මම තේරුම් ගත්ත තත්වය තුළ සජිත් ප්‍රේමදාස මහත්තයට ඡන්දය දෙන්න“ යැයි සුනිල් පෙරේරා මහතා පැවසීය.

    Latest News