ෆවුසිගෙන් මැතිවරණ කොමිසමට හා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

ඔක් 26, 2019

    පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් තමාගේ ප්‍රකාශයක් විකෘති කර විකාශය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.පවුසි මහතා අද මැතිවරණ කොමිසමට හා පොලිස් මූලස්ථානයට පැමිණිළි කළේය.

    “රැස්වීමේදී මම කිව්වා ගෝඨාභය රාජපක්‍ෂ ඇල්ලුවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා වෙනවා. නමුත් කැත විධියට හිරු නාලිකාවේ ඒක විකෘති කරලා කියලා තියෙනවා මම කිව්වලු ගෝඨාභය රාජපක්‍ෂව මරන්න ඕනේ කියලා. මේ මගේ දේශපාලන ජිවිතය විනාශ කරන්න. මම නිකං ඉන්නේ නැහැ. මම උසාවි යනවා. ගෝඨාභය රාජපක්‍ෂ කියන පුද්ගලයා මට හොඳට සලකනවා. මොන තරම් සම්බන්ධයක් තිබුණත් ගෝඨාභය රාජපක්‍ෂට උදව් කරන්න ගියේ නැහැ මොකද අන්තවාදීන්, ආගම්වාදීන්, ජාතිවාදීන් ඒ කණ්ඩායමට එකතු වෙලා ඉන්න නිසා“ යැයි පවුසි මහතා පැවසීය.

    Latest News