ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී උත්සවය මහත් හරසරින් සමරයි (වීඩියෝ)

ඔක් 27, 2019

    ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී උත්සවය මහත් හරසරින් සමරයි. ඒ නිමිත්තෙන් කෝවිල්වල විශේෂ පුද පුජාවන් පැවැත්විණ.

    හින්දු බැතිමතුන් නිවෙස්වල හා කෝවිල්වල පහන් දල්වා මෙම දිනය සමරයි. තම ජීවිතයේ අඳුර තුරන් කොට ජිවිතයට ආලෝකය උදාවන බව, හින්දු බැතිමතුන් විශ්වාස කරයි. එක්තරා කාලයකදී නරගාසුරන් නමැති අසුරයා විසින් සූරයන්ට බොහෝ පීඩා ලබාදුන්නේය. තම ජිවිතය බේරා දෙන ලෙස සුරයන් විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කරලු ලැබීය.

    එයට සවන් දුන් විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා විනාශ කරනු ලැබීය. තමා මියයන මේ දිනය ලොව පුරා වෙසෙන ජනතාව සැමරිය යුතු බව, නරගාසුරන් විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුවයි හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය සමරනු ලබන්නේ. දීපාවලි දිනයේදී හින්දු ජනතාව අලුයම අවදිවී තම නිවාස අලංකාරවත් කරයි. අනතුරුව කෝවිල් වෙත ගොස් ප්‍රථමයෙන් ගණ දෙවිඳුන් වැඳ පුදා ගනී. ඉන් අනතුරුවයි විෂ්ණු දෙවියන් වැඳ ආශිර්වාද ලබාගන්නේ.

    Last modified on ඉරිදා, 27 ඔක්තෝබර් 2019 20:37

    Latest News