ඒ අනුව අද පෙරවරු 11.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් මෙම කාරක සභාව රැස්විමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්විමක් අද දිනයේ පවත්වන ලෙස කතානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදී පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිමට නියමිතයි.