අගමැති අතින් නව දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට (වීඩියෝ)

නොවැ 23, 2019

    රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කිරීමට නව නීති සම්මත කරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, කුරුණෑගල, වීරඹුගෙදර, රන්වලගෙදර ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ ඉදි කළ නව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. කුරුණෑගල, වීරඹුගෙදර, රන්වලගෙදර ශ්‍රී බෝධිරුක්ඛාරාමයට පැමිණි අග්‍රාමාත්‍යතුමා, අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කටුගස්තොට උපරත්න හිමියන් බැහැ දැක සුහද කතාබහක නිරත විය.

    ව්‍යාපාරික රංජිත් වීරසිංහ මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ දහම් පාසල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යතුමා විවෘත කළේ ඉන් අනතුරුවයි. රංජිත් වීරසිංහ මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් පිරිනැමීය. මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක් ද එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 21:11

    Latest News