මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කළ බවයි.
මෙම විමර්ශනයට අදාළව පොලීස් නිලධාරීන් දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටන් කර ගැනීමට නියමිතව තිබෙන බවත් පරීක්ෂණ අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා කල් ලබාදෙන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 17 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.