මඩකලපුවේ අධික වර්ෂාවෙන් 35 දහක් පීඩාවට

දෙසැ 07, 2019

    අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ 35756 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි මඩකලපුව දිස්ත්‍රික්ක මහා ලේකම් මානික්කම් උදයකුමාර් මහතා පවසයි.

    අවතැන්වූ 20102 දෙනෙකු රැඳවුම් කදවුරු18 ක නවාතැන් පහසුකම් සලසා තිබේ. පීඩාවටපත් ජනතාව සදහා පිසූ ආහාර ලබාදීමට මුදල් වෙන්කර ඇති බවත් මිත්‍රයන් ඥාතීන්ගේ නිවෙස්වල නවාතැන් ලබා ඇති අයට වියලි ආහාර ලබාදීමට රුපියල් ලක්ෂ 17 රජයෙන් වැය කර ඇත.

    පවතින අධික වර්ෂාවෙන් එක් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 42කට අර්ධ හානි සිදුවී ඇති බව වාර්තාවේ. ගංවතුරෙන් පිඩාවට පත්වුවන්ට සහන සැලසීමට රුපියල් මිලියන 16.6ක් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යාස්ථානයෙන් ඉල්ලා ඇත. එම මුදල් ලැබූණ පසු පීඩාවට සියලු දෙනාටම සහන සැලසීමට ක්‍රියා කරන බව දිස්ත්‍රික් ලේකම් මානික්කම් උදයකුමාර් මහතා වැඩිදුරටත් පැවසිය.

    Latest News