ජීවිත අහිමි කරන දිය රකුසා

දෙසැ 02, 2024
    මැලේසියාව සහ තායිලන්ත දේශ සීමා ආශ්‍රිතව පැවති ජල ගැලීම් නිසා, පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

    උතුරුදිග මැලේසියාවේ එක්ලක්‍ෂ විසිදහසකට වැඩි පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කොට ඇති අතර දකුණු තායිලන්තයේ 13,000 ක් පමණ අවතැන්ව ඇති බවයි වාර්තා වන්නේ.

    අධික වර්ෂාව නිසා ජල ගැලීම් ඇති වුණා.
    එම කලාපය තුළ වර්ෂාව සමග කුණාටු හටගැනීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබෙනවා.
    මේ නිසා ආපදාවට පත් පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
    ආපදාවට පත් පිරිස මුදවාගැනීම සඳහා හදිසි සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
    බොහෝ මාර්ග ආපදාවට පත්ව ඇති අතර ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
    දකුණු තායිලන්තය පුරා වෛද්‍ය පහසුකම් කඩිනම් කිරීමට පියවර ගෙන ඇති අතර ගංවතුර නිසා රෝහල් දෙකක දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
    ගංවතුර නිසා තායිලන්තයේ පළාත් 6 ක ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    Latest News