නාවික හමුදා සහන සේවා කණ්ඩායම් දිවයිනේ ප්‍රදේශ රැසකට

දෙසැ 07, 2019

    අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

    ඒ අනුව, ගිං ගඟ හරහා වැටී ඇති අගලිය, දොඩංගොඩ සහ වක්වැල්ල පාලම් තුල අපද්‍රව්‍ය සිරවීමෙන් ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාවට ඉදිරියේදී ගං වතුර අවදානමකට ඇතිවිම වැලැක්විමේ අරමුනින් අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කිරීම 2019 දෙසැම්බර් මස 05 සහ 06 යන සිදුකෙරිණ.  

    එහිදී නාවික හමුදා කිමිදුම් අංශයේ සහ මැරීන් බලඝණයට අනුයුක්ත නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් යොදා එම අපද්‍රව්‍ය ඉවත් කර ජලය බාධාවකින් තොරව බැස යන පරිදි යථාතත්වයට පත් කිරීම සිදු කළේය. එමෙන්ම, යාන් ඔය ජල මට්ටම පිටාර දැමීමෙන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ විපතට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසමින් සිටි.

     

     

     

    Latest News