'විෂම භාග' මංගල දර්ශනයට ජනපති එක් වෙයි

දෙසැ 16, 2019

    'විෂම භාග' චිත්‍රපටයේ මංගල සිනමා දැක්ම ඊයේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ දී පැවැත්විණ.

    ඒ ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ලලිත් රත්නායකයන් විසින් විෂම භාග චිත්‍රපටයේ අධ්‍යක්ෂණ හා තිර රචනය සිදු කර තිබේ. ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ,කෞෂල්‍යා ප්‍රනාන්දු වැනි ප්‍රවිණ රංගන ශිල්පීන් මෙයි රංගනයෙන් දායක වෙයි. මෙරට ප්‍රථම සමාජ සත්කාර චිත්‍රපටය වන්නේ ද විෂම භාග චිත්‍රපටයයි. මෙමගින් උපයන මුදල් වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව උදෙසා පානීය ජල ව්‍යාපෘති පිහිටුවීමටත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා උපකාර කිරීමටත් යෙදවෙයි.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 11:43

    Latest News