හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු විසින් පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාලව ගෙවීමට නියම වූ සම්පූර්ණ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව ඔවුන්ගේ නීතිඥවරු අද ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් මස 4 වනදා දක්වා දීර්ඝ කොළඹ දිසා අධිකරණය අද නියම කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩ බලන ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන අය කළ ඉල්ලීමක් නිෂ්ප්‍රභා කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නේද? නැද්ද? යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වග උත්තරකාර මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට කල් ලබා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රජයට සහයෝගය පළ කරමින් ක්‍රියා කරන බව, පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමක් අද සිදු වුණා.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා වරාය නාවික හා ගුවන් කටයුතු අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනු කළ නඩුව සම්බන්ධයෙන් ලබන 19 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එම පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු වෙත කොළඹ දිසා අධිකරණය අද නොතීසි නිකුත් කළා.

තමන් වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම හෙට දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

හිටපු ජනපතිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ නම් ඇතුළත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ අද අවසර ලබා දුන්නා.

Latest News