ආයෙත් ඒවිද ?

නොවැ 14, 2022

    ඉතා දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඇන්ජලෝ මැතිව්ස් 2008 නොවැම්බර් 28 සිම්බාබ්වේ පිලට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලබා ගත්තේය.

    ඔහු මැදපෙළේ ඕනෑම තැනක පිතිකරණයේ යෙදිය හැකි අතර ප්‍රායෝගික මධ්‍යම වේග පන්දු යවන්නකු ද වේ. මැතිව්ස්ගේ බලපෑම කෙබඳුද යත්, ඔහු ක්‍රීඩාවේ ආකෘති තුනේම නිත්‍ය සාමාජිකයෙකු වී ඇති අතර ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබා දී ඇත.

    ටෙස්ට් තරග 100ක් එක්දින තරග 218ක් සහ T20 තරග 78 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මැතිව්ස්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය ලකුණු 45.15 ක් ලෙසත් එක්දින ඉනිමක සාමාන්‍ය ලකුණු 41.68ක් ලෙසත් T20 ඉනිමක සාමාන්‍ය 25.51ක් ලෙසත් පවත්වාගෙන ඇත. 

    ටෙස්ට් කඩුලු 33ක් එක්දින කඩුලු120ක් හා T20 කඩුලු 38 ක් ලබාගෙන ඇති මැතිව්ස් අවසන් වරට 2021 මාර්තු මස නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් අත්දැකීම් බහුල පරිනත ක්‍රීඩකයෙකි.  

    Last modified on සදුදා, 14 නොවැම්බර් 2022 22:47

    Latest News