එංගලන්තය පරදා වසර 10 කට පසු ටෙස්ට් ජයක්

සැප් 09, 2024

    දශකයකට පසු එංගලන්තය පරාජය කරමින් ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුනා.

    දෙරට අතර ටෙස්ට් තරග මාලාවේ තෙවැන්න ඕවල් පිටියේදී පැවැත්වුනු අතර කාසියේ වාසිය දිනා පන්දු රැකීමට ශ්‍රී ලංකාව තීරණය කළා.

    එංගලන්ත පළමු ඉනිම ලකුණු 335 කට සීමා කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ සමත් වුනා. මිලාන් රත්නායක කඩුලු 3ක් බිඳ හෙලද්දී විශ්ව සහ ලහිරු කඩුලු 2බැගින් දවා ගත්තා. නායක ඔලී පෝප් ලකුණු 154යි.

    ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 263 යි. නායක ධනන්ජය ලකුණු 69ක්, පැතුම් සහ කමිදු ලකුණු 64 බැගින් ලබා ගත්තා. ජොස් හල් සහ ඔලී ස්ටෝන් කඩුලු 3 බැගින් දවා ගත්තා.

    එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කරමින් ලහිරු කඩුලු 4ක් විශ්ව කඩුලු 3ක් අසිත කඩුලු 2ක් දවා ගත්තා.

    ශ්‍රී ලංකාවට හිමිවූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 219ක්. එය කඩුලු 2ක් පමණක් දැවී ලබා ගන්නට ඔවුන් සමත් වුනා. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නැංගුරම වෙමින් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127 ක් ලබා ගත්තා.

    ඒ අනුව 2014 අගෝස්තුවේ ලීඩ්ස් හිදී ලද ඓතිහාසික ජයග්‍රහණයෙන් වසර 10 කට පසු එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුනා.

    වසර 26කට පෙර 1998 වසරේ ඕවල් පිටියේ ලැබූ ජයග්‍රහණයෙන් පසු මේ දක්වා මෙම පිටියේ සහභාගී වූ තරග දෙකේම ජය ශ්‍රී ලංකාවට හිමි කර දෙමින් මෙම ජයග්‍රහණයට ඕවල් ක්‍රීඩාංගණයත් සාක්ෂි දරනවා ඇති.

    Latest News