පිපාසය තවත් දින 06ක් පමණයි.

නොවැ 14, 2022

    ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයට ඇත්තේ, තවත් දින 06ක් පමණයි.

    ලබන 20 වැනිදා සිට දෙසැම්බර් මස 18 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ සියලු තරග ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙනවා.

    සිව් වසරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලොව විශාලතම පාපන්දු තරගාවලිය ලෙස සැලකිය හැකියි.  මෙවර පැවැත්වෙන්නේ, 22 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියයි.

    ලොව පුරා ප්‍රබලතම කණ්ඩායම් 22ක් මෙවර තරගාවලියට සහභාගී වන අතර, මූළික වටයේ තරග පැවැත්වෙන්නේ, කාණ්ඩ 8ක් යටතේයි. “ඒ” කාණ්ඩය යටතේ සත්කාරක කටාර් රාජ්‍යය, ඉක්වදෝර්, සෙනගල් සහ නෙදර්ලන්ත කණ්ඩායම් තරග වදිනවා. එම කාණ්ඩයේ පළමු තරගය ලබන 20 වැනිදා පැවැත්වෙන්නේ, කටාර් සහ ඉක්වදෝර් කණ්ඩායම් අතර. සෙනගල් සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    එංගලන්තය, ඉරානය, අමෙරිකාව සහ වේල්ස් යන කණ්ඩායම් “බී” කාණ්ඩයෙන් තරග වදිනවා. එම කාණ්ඩයේ පළමු තරග දෙක ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. එංගලන්තය සහ ඉරානය අතර තරගය “බී” කාණ්ඩයේ පළමු තරගයයි. එදිනම අමෙරිකාව සහ වේල්ස් යන කණ්ඩායම් ද තරග වැදීමට නියමිතයි. මූලික වටයේදී තරග පැවැත්වෙන්නේ, ලීග් ක්‍රමය යටතේයි.

    ඒ අනුව, එක් කණ්ඩායමක් මූලික වටයේදී තමා නියෝජනය කරන කාණ්ඩයේ සියලු කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතයි. එම කාණ්ඩය අවසානයේදී පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක මීළඟ වටය සඳහා සුදුසුකම් ලබනවා.

    Latest News