ඉන්දියාවට වාර්තාගත ජයක්

ඔක් 13, 2024

    20-20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් රැස් කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඊයේ ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

    ඒ සංචාරක බංග්ලාදේශය සමගින් හයිද්‍රාබාද් හිදී පැවැත් වුනු තෙවැනි සහ අවසන් 20-20 තරගයේ දී ලකුණු 297ක් රැස් කරමින්.

    ඉන්දියාව රැස් කළ ලකුණු 297ට පිළිතුරු වශයෙන් බංග්ලාදේශයට රැස් කර ගත හැකි වූයේ ලකුණු 164ක් පමණයි. ඒ අනුව ලකුණු 133 ක දැවැන්ත ජයක් ඉන්දියාවට හිමි වුනා.

    සංජු සැම්සන් පන්දු 47 කදී ලකුණු 111ක් රැස් කරමින් සිය කුළුඳුල් 20-20 ශතකය රැස් කළා.

    මීට පෙර කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ නේපාල කණ්ඩායම මොංගෝලියාවට එරෙහිව ලබා ගත් ලකුණු 314.

    මෙම තරගයත් සමග බංග්ලාදේශ ක්‍රීඩක මහ්මුදුල්ලා රියාද් 20-20 ජාත්‍යන්තර පිටියට සමු දුන්නා.

    ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙසත් 20-20 තරගාවලිය 3-0 ක් ලෙසත් ජය ගැනීමට ඉන්දියාව සමත් වුනා.

    Last modified on ඉරිදා, 13 ඔක්තෝබර් 2024 10:14

    Latest News