ශ්‍රී ලංකාවට එංගලන්තය හමුවේ විශිෂ්ඨ ජයක්

ජූනි 21, 2019

    ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර අද(21) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 20ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

    2019 ක්‍රිකට් ලෝක කුසලානයේ 27 වන තරගය ලෙස පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා. ඒ අනුව පන්දු වාර 50ට ශ්‍රී ලංකාව ලකුණු 232/9 ක් ලබාගත්තා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85යි. ආබාදයකින් පසු යළි කණ්ඩායමට පැමිණි අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 49යි.

    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ලකුණු 212 කට සියලු දෙනා දැවී ගියා. පන්දු යැවීමෙන් ලසිත් මාලිංග කඩුලු 4ක් හා ධනංජය සිල්වා කඩුලු 3ක් දවා ගත්තා. නුවන් ප්‍රදීප් කඩුලු 2යි. තරගයේ වීරයා ලසිත් මාලිංග.

    එංගලන්ත කණ්ඩායම විසින් ලෝක කුසලාන තරගාවලියකදී අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ඇත්තේ 1999 වසරේදීයි.

    Latest News