12 වැනි දිනටත් අමෙරිකාවේ වැඩ අැණහිටියි

ජන 03, 2019

    12 වැනි දිනටත් අමෙරිකානු රජයේ වැඩකටයුතු අර්ධ වශයෙන් ඇණහිට තිබේ.

    මෙක්සිකෝ දේශසීමා ප්‍රකාරයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන තෙක් එය අවසන් නොවනු ඇතැයි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි. ඩිමෝක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයන් පිරිසක් ඊයේ ධවල මන්දිරයේ දී ජනාධිපතිවරයා සමඟ අර්බුදය පිළිබඳ සාකච්ජා කර තිබේ. එහෙත්, ඒ පිළිබඳ එකඟතාවයට එළඹීමට දෙපාර්ශවයම අසමත් වූ බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් හෙට දිනයේ සාකච්ජාවක් පැවැත්වීමට ද නියමිතයි.

    කෙසේ වෙතත්, මේ හේතුවෙන් මධ්‍යම රජයට අයත් කටයුතුවලට 25%ක පමණ මූල්‍ය ප්‍රතිපාදන අහිමිව ඇත. අත්‍යවශ්‍ය සේවාවන් පමණක් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබේ. එසේම, අට ලක්ෂයක පමණ සේවකයින් පිරිසකට මේ හේතුවෙන් වැටුප් අහිමිව ඇත. 

    Last modified on සිකුරාදා, 04 ජනවාරි 2019 13:45

    Latest News