කෝවිලට ගිය කාන්තාවන් නිසා කේරළය ඇවිලෙයි

ජන 04, 2019

    ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හින්දු කෝවිලයට කාන්තාවන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව හේතුවෙන්, ප්‍රාන්තයේ කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබේ.

    ප්‍රාන්තය පුරා විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වෙන අතර පාසල් සහ බොහෝ රජයේ ආයතන වසා දමා ඇත. පොදු ප්‍රවාහන සේවා ද ඇණහිට තිබේ. ගැටුම්වලින් අයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

    ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිට සබරිමාලා කෝවිලට, වසර අවුරුදු 10 සිට 50 දක්වා කාන්තාවන්ට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තමහනම්ය. නමුත්, පසුගිය බදාදා කාන්තාවන් දෙදෙනෙකු ද ඊට ඇතුළුවීමත් සමග ප්‍රාන්තය පුරා දැඩි නොසන්සුන්කාරී තත්වය්ක දක්නට ලැබිණ.

    Latest News