ඉකුත් පැය 24 වැඩිම ආසාදිතයන් අමෙරිකාවෙන්

ජූලි 25, 2020

    ඉකුත් පැය 24 තුළ ද ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වී තිබේ.

    75,009 දෙනෙකුගෙන් යුත් එම නව ආසාදිතයන් පිරිසත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් දෙලක්ෂ 48,000 ඉක්මවා ගිහින්. අමෙරිකාවේ ඊයේ දිනයේදී පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් එක් දහස් එකසිය හතළිස් එක් දෙනෙක් මියගොස් තිබේ. අද වන විට එරට සමස්ත මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 48,000 ඉක්මවා ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    ආසාදනය වූවන්ගෙන් විසි ලක්ෂ 28,000කට අධික පිරිසක් සම්පූර්ණ සුවය ලබා සිටින අතර විසි ලක්ෂ 71,763 දෙනෙක් තවදුරත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 10:01

    Latest News