ලොවේ සැම‍ා එකම දැයේ දූදරුවන් වේවිද ?

නොවැ 06, 2024

    ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 ජනවාරි 20 සඳුදා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිලි සංකීර්ණ ක්‍රීඩාංගණයේදී සිය දෙවැනි ජනාධිපති පදවිප්‍රාප්තිය සනිටුහන් කරනු ඇත.

    ට්‍රම්ප් දැනටමත් මැතිවරණ ආසන 277 ක් ජයග්‍රහණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තහවුරු කර ඇත.

    ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිට සජීවීව සිය පාක්ෂිකයින් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බවයි.

    තම රටේ ‘ස්වර්ණමය යුගයට’ තමන් නායකත්වය දෙන බව ඔහු තවදුරටත් සඳහන් කළේ ය. එමෙන් ම, තමන් වෙනුවෙන් ඡන්දය දුන් සියලු ම ඇමෙරිකානුවන්ට ඔහු ස්තුතිය පළ කළේ ය.

    ලොව පුරා යුධ ගැටුම් වලට අමෙරිකාවේ මැදිහත් වීම නිමා කරමින් ලෝක සාමය ඇති කිරීමටත් රට තුළ ආර්ථික වර්ධනයක් ඇති කිරීමට ප‍්‍රමුඛතාව ලබා දීමත් ට‍්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප‍්‍රධාන තේමා විය.

    රුසියානු යුක්රේන යුද්ධයත් , ඊශ්‍රායල් පලස්තීන යුද්ධයත් නිමා කිරීමට දායක වන බවද ට්‍රම්ප් ප්‍රසිද්ධ වේදිකාවේ පවසා තිබේ.

    වර්ෂ 1946 දී නිව්යෝක් හිදී උපන් ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් මේ වන විට 78 වන වියේ පසු වෙයි. ඒ අනුව ඔහු එරට දෙවන වයස්ගතම ජනපති ලෙස ඉතිහාසයට එක් වෙයි.

    2016 වසරේ හිලරි ක්ලින්ටන් පරාජය කරමින් පළමු වරට ජනාධිපති ධූරයට පත් වූ ට්‍රම්ප් පෙන්සිල්වේනියා සරසවියේ ආර්ථික විද්‍යා උපාධියක් හිමි ධනවත් ව්‍යාපාරිකයෙකි.

    Latest News