සරත් සෘතුවේ වට්ටක්කා වසන්තය

ඔක් 17, 2024

    කැලිෆෝනියාවේ ඇතැම් වෘත්තිකයින් පූර්ණ කාලීනව වගාවට යොමු වී අතර ඇතමුන් තරගයට වට්ටක්කා වගාව සිදු කරයි.

    අස්වැන්න නෙලාගත් පසු ඔවුන් උත්සවාකාරයෙන් එය වෙළඳපලට ඉදිරිපත් කරනු ලබයි. එම උත්සව අවස්ථා නිසා මාර්ග පවා අවහිර වනු දැකිය හැකියි.

    ට්‍රැවීස් ජින්ගර් මෙවර විශාලතම වට්ටක්කා ගෙඩියට හිමි ලෝක ශූරතාවය දිනා ගත් අතර එහි බර කිලෝ ග්‍රෑම් 1002 ක් ලෙස සටහන් වී ඇත.

    ජින්ජර් එය 'රූඩි' ලෙස නම් කර තිබෙනවා. මිනසෝටා සිට කැලිෆෝනියාවේ තරගය පැවැත්වු ස්ථානය දක්වා පැය 35 ක් එය ප්‍රවාහනය කර තිබෙනවා.

    මිනසෝටා හි උද්‍යාන විද්‍යා ගුරුවරයකු වන ජින්ගර් පසුගිය වසරේ කිලෝ 1246 ක බරකින් යුත් වට්ටක්කා ගෙඩියක් තරගයට ඉදිරිපත් කර තිබුණා. එය දැනට ලොව බරම වට්ටක්කා ගෙඩිය ලෙස වාර්තා පොත් අතරට එක්ව තිබෙනවා.

    කැලිෆෝනියාවට අමතරව ඉලිනොයිස්, ඉන්ඩියානා, ඔහියෝ, පෙන්සිල්වේනියා වැනි ප්‍රදේශ වලද වට්ටක්කා වගාව සරුවට කරනු ලබයි. ප්‍රසිද්ධියට පත් නොවුනද නිකූසා ප්‍රදේශයෙන් ටොන් 2කට ආසන්න බරකින් යුත් වට්ටක්කා අස්වනු වශයෙන් ලැබුණු බවද වාර්තා වනවා.

    Latest News