ගුවන් අනතුරකින් 15 ක් මරුට (වීඩියෝ)

ජන 14, 2019
  • භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඉරානයේ ටෙහ්රාන් නුවරට බටහිර දෙසින් පිහිටි ෆාත් ගුවන් තොටුපලේ දී අද (14) අනතුරට පත්වි තිබේ.

    බෝයින් 707 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන මෙම යානය හදිසි ගොඩබෑමකට යාමේදී අනතුර සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. අයහපත් කාලගුණ තත්වයක් ද තිබී ඇති අතර ගුවන් පථයෙන් ලිස්සා ගොස් අසළ පිහිටි නිවෙස් වෙත කඩාවැදී ඇත.

    ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ 16 දෙනා අතුරින් එක් අයෙකුගේ පමණක් ජීවිතය බේරී ඉතිරි 15 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අනතුරට ලක්වූ නිවෙස්වල තුවාලකරුවන් හෝ මියගිය අය ඇත් දැයි සොයාබැලීම් සිදුවේ.

    ඉරාන හමුදාවට අයත් යානයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉරාන ගුවන් හමුදාව අනතුර පිළිබඳ විමර්ශන සිදු කරයි

    0 Iran plane crash Boeing 707 crashlands with all on board feared dead0 Iran plane crash Boeing 707 crashlands with all on board feared dead 11 BLP MDG iranplanecrash67451JPG 105172897 mediaitem105172890

     

    Last modified on සදුදා, 14 ජනවාරි 2019 16:36

    Latest News