අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට හාර ලක්ෂ 79,000 ඉක්මවා ගිහින්. ඉකුත් පැය 24 තුළ එරට අලුතින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95,542ක්. කෙසේ වුවද මේ වන විට අමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවේ තරමක අඩුවක් පෙන්නුම් කරයි.
මේ අතර ලතින් අමෙරිකානු කලාපයේ බ්‍රසීලයෙන් ඉකුත් පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 51,733 දෙනෙක් හඳුනාගෙන ඇත්තේ, එම කාලසීමාව තුළ කොරෝනා මරණ 1,340ක් සිදුව ඇති පසුබිමකයි.
ගෙවුණු සතිය තුළ ගෝලීය කෙරෝනා ආසාදිතයන්ගේ 17%ක අඩුවීමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම සංවිධානයේ දත්තවලට අනුව ලොවපුරා වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙලෙස අඩු වී ඇත්තේ, අඛණ්ඩව සිව්වැනි සතියටයි.