ලිස්සා ගිය ගුවන්යානය නූලෙන් බේරෙයි

පෙබ 01, 2019

    ජපාන මගී ගුවන් යානයක් අද උදේ ගොඩබැස්සවීමේ දී අනපේක්‍ෂිත ලිස්සා යාමකට ලක්ව තිබේ.

    එහි ගුවන් මගීන් 201ක් දෙනෙකු ගමන් කර ඇත. අනතුර සිදුව ඇත්තේ එරට නරීටා ගුවන් තොටුපොළ ගුවන් පථයේ දී. මෙලෙස ලිස්සා යාමට ලක්වූයේ, ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සිට ජපානය වෙත පියාසර කළ ජපන් ගුවන් සේවයට අයත් බෝයිං 787 යානයයි.

    එය ගුවන් තොටුපොළ පැමිණිම් පර්යන්තය වෙත ළඟාවන අවස්ථාවේ එහි වම්පස ගොඩ බැස්සවීමේ ප්‍රධාන රෝදයේ පාලනය හදිසියේ ගිලිහී යාමෙන්, යානය ලිස්සා ගොස් තිබේ. සිද්ධියෙන් මගීන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත. ගුවන් පථයෙහි අයිස් පැවතීම නිසා ලිස්සායාම සිදුවන්නට ඇති බවයි යානයේ නියමුවා කියා සිටියේ.

    Latest News