ඓතිහාසික න්‍යෂ්ටික සම්මුතියෙන් අමෙරිකාව ඉවතට (2019-02-02 : ප.ව. 11.25)
අමෙරිකා එක්සත් ජනපදයත් රුසියාවත් අතර පැවති ඓතිහාසික න්‍යෂ්ටික සම්මුතියෙන් අමෙරිකාව ඉවත් වන බව, නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
1987 වර්ෂයේ අමෙරිකාව සහ එවකට සෝවියට් සංගමය අතර පැවති බල අරගලයේ උත්සන්නම අවස්ථාවේ දී රටවල් දෙකේ නායකයින් මෙම ගිවිසුමට එළඹ තිබේ. INF නමින් හඳුන්වන මෙම න්‍යෂ්ටික සම්මුතිය පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට ලක් වූ කරුණක්. එසේම, ලොව පුරා න්‍යෂ්ටික අවි උදෙසා පවතින තරගය හේතුවෙන්, මුළුමහත් මානව වර්ගයාටම බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මෙම ඓතිහාසික INF සම්මුතියට අනූව, කිලෝමීටර 500 - 5,000ත් අතර ප්‍රදේශයේ න්‍යෂ්ටික මිසයිල් අත්හදා බැලීම ද තහනම් කෙරිණ.
කෙසේ වෙතත්, රුසියාව අදාළ ගිවිසුමෙන් පරිබාහිරව කටයුතු කරමින් තම න්‍යෂ්ටික අවි ගබඩාව ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බවට, පසුගිය දිනවල අමෙරිකාව චෝදනා කළේය. අදාළ චෝදනා ප්‍රකාරව, රුසියාව තමන් සන්තකයේ ඇති ගොඩබිම මත පදනම් වූ න්‍යෂ්ටික මිසයිල විනාශ කළ යුතු බවත්, ඒ සඳහා දින 60ක කාලයක් ලබා දෙන බවත්, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළේය. අද වන විට රුසියාවට ලබා දුන් එම දින 60ක කාලයක් ලබා දෙන බවත්, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළේය.
අද වන විට රුසියාවට ලබා දුන් එම දින 60ක කාලය අවසන් වන අතර, ඒ හේතුවෙන්, අමෙරිකාව අදාළ ඓතිහාසික ගිවිසුමෙන් ඉවත් වන බවට, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා නිල වශයෙන් ප්‍රකාශ කළේය. මෙම තත්වය, රටවල් දෙකටම විවිධ පැතිකඩ ඔස්සේ ඉදිරියේ දී බලපානු ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.