රෝහල් පහසුකම් හා ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට සපයා ගැනීමට නොහැකිවීම හා වසංගතය පාලනයේ දුර්වලතා හේතුවෙන් කොරෝනා දෙවැනි රැල්ල ඉන්දියාවේ ආර්ථික සමාජීය ගැටලු රැසක් ඇති කර තිබේ. පසුගාමී එන්නත්කරණය සම්බන්ධයෙන් ද එරට සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා එල්ල වී ඇත.
ගතවූ පැය 24 තුල දී එරටින් වාර්තා වූයේ ලක්ෂයකටත් වඩා අඩු ආසාදිතයන් සංඛ්‍යාවක් පමණයි.
දෛනික මරණ සංඛ්‍යාව ද 3,000ටක වඩා අඩු අගයක් ගෙන තිබේ. නගර කිහිපයක් අර්ධ වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව පනවා ඇති සංචරණ සීමා ක්‍රමයෙන් ලිහිල් කරන බවයි ඉන්දීය රජය පවසන්නේ.