මෙම පිපිරීම සිදු කරනු ලැබ ඇත්තේ අමෙරිකානු ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවක් වන යූ එස් එස් ජෙරල්ඩ් ආර් ෆොර්ඩ් නෞකාව ආසන්නයේ.
නෞකාව යුධමය තත්වයන්ට මුහුණ දෙන ආකාරය පරීක්ෂා කිරීම එහි අපේක්ෂාවයි. පිපිරවීමෙන් අනතුරුව ඊට වඩාත් හොදින් මුහුණ දීම සඳහා නෞකාව අලුත්වැඩියා කෙරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම පිපිරවීම රික්ටර් පරිමාණ ඒකක 3.9ක ප්‍රභලත්වයකින් යුතු භූ කම්පනයක තරම් බලපෑමක් ඇති කර ඇති බවයි, අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ.