කොලොම්බියාවේ කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව අද වනවිට ලක්‍ෂය ඉක්මවයි

ජූනි 22, 2021

    කොලොම්බියාවේ කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව අද වනවිට ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

    ඒ, ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා වූ මරණ 648ත් සමඟයි. කොවිඩ්-19 තෙවැනි රැල්ලෙන් පීඩා විඳිමින් සිටින කොලොම්බියාවේ කොරෝනා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 3.9 ඉක්මවා ගොසින්.

    ඉකුත් පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 32,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගනු ලැබීය. ඉකුත් සතිවල කොවිඩ් ආසාදන සහ මරණ වාර්තාගත ලෙස ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ පවසයි.

    රට පුරා රෝහල් ජාල බිඳ වැටී ඇති අතර, ඇතැම් වෛද්‍යවරුන් සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බවට අනතුරු අඟවා තිබේ. කොලොම්බියාවේ “බොගෝටා“, “මෙඩෙලින්“ සහ “කැලි“ යන විශාලතම නගරවල රෝහල් දැඩි සත්කාර ඒකක කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොසින්.

    “බොගෝටා“ නගරයේ ඇතැම් රෝහල්වල මේ වනවිට ඔක්සිජන් සැපයුම් හිඟයක් ද පවතින බව වාර්තාවේ. කොලොම්බියාව මේ වනවිට කොවිඩ් වසංගතයේ දුෂ්කරතම අවස්ථාවට පැමිණ ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News