කියුබානු උද්ඝෝෂණ පිටුපස සිටින්නේ අමෙරිකාව ද

ජූලි 13, 2021

    තම රටේ මේ වන විට හටගෙන ඇති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මෙහෙය වනු ලබන්නේ, අමෙරිකාව බව කියුබානු රජය පවසයි.

    කියුබානු රජයට විරුද්ධව මේ වන විට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වෙයි. විරෝධතාකරුවන් පවසන්නේ, රජයේ කමියුනිස්ට් ප්‍රතිපත්ති හේතුවෙන් ජනතාව බොහෝ සෙයින් අසරණ වී ඇති බවයි.
    විරෝධතා සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ සහයෝගය ලැබෙන බව කියුබානු රජය කියා සිටියි.

    තමා එරට විරෝධතාකරුවන්ට සහයෝගය ලබා දෙන බව ජනාධිපති බයිඩන් ඊයේ ප්‍රකාශ කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 13 ජූලි 2021 11:12

    Latest News