මෙම නව ප්‍රභේදය විකෘති ගණනාවකින් යුක්ත බැවින් මේ පිළිබඳව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් අධ්‍යයන රැසක් සිදුකළ යුතු බවයි ලෝත සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. "මූ ප්‍රභේදයේ" ව්‍යාප්තිය ගෝලීය වශයෙන් තවමත් 0.1% ක අගයක් ගන්නා නමුත් කොලොම්බියාවේ සහ අසල්වැසි ඉක්වදෝරයේ මෙය ඉහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. කොලොම්බියාවේ කොවිඩ් රෝගීන්ගෙන් 39% කට පමණ මෙම ප්‍රභේදය ආසාදනය වී ඇති අතර එරට තුන්වැනි රැල්ලේ මරණවලින් 60% ක් මෙම ප්‍රභේදය හා සම්බන්ධ බවටයි අනාවරණය වී ඇත්තේ.