ඔස්ට්‍රේලියාවේ දෛනික ආසාදිතයින් ඉහළට...

සැප් 03, 2021

    ඔස්ට්‍රේලියාවේ දෛනික කොරෝනා ආසාදිතයින්ගේ ශීඝ්‍ර ඉහළ යෑමත් සමග එන්නත්කරණය වේගවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

    එක්සත් රාජධානියෙන් ඔස්ට්‍රේලියානු රජය වෙත පිරිනැමුණු ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්‍ෂ 40 ක්. එරට වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් රෝහල්ගත කිරීම් ද ඉහළ ගොස් තිබෙනවා. ලක්ෂ 50 කට අධික ජනගහනයක් වෙසෙන සිඩ්නි නුවර සහ ප්‍රදේශ ගණනාවක් අඟුළු දැමීමටද පියවර ගැනුණා. ඉකුත් පැය 24 තුළ ඔස්ට්‍රෙිලියාවෙන් නව අසාදිතයින් 1,472 ක් වාර්තා වූ අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 7 ක්. මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 58,206 ක් වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 1,032 ක්.

    Latest News