ඊශ්‍රායලයේ සිටි පලස්තීන රැඳවියන් 6ක් පළායයි

සැප් 07, 2021

    ඊශ්‍රායලයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයකින් රැඳවියන් 6 දෙනෙකු ඊයේ පළා ගොස් තිබේ.

    ඔවුන් පලස්තීන ජාතිකයන් බවයි වාර්තා වන්නේ. පළා ගිය පිරිසෙන් පස් දෙනෙකු ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින්. එක් අයෙකු පලස්තීන ෆාමා පක්ෂයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක හිටපු අණදෙන නිලධාරියෙක්.

    මෙම සිර කඳවුර ඊශ්‍රායල විරෝධී ත්‍රස්තවාදීන් හා සන්නද්ධ කණ්ඩායම්වල දරුණු පුද්ගලයන් රඳවා තැබෙන ස්ථානයක් බවයි, බන්ධනාගාර බලධාරීන් පවසන්නේ.
    ඊශ්‍රායලයේ ස්ථාපිත දැඩි ආරක්ෂක රැකවල් සහිත බන්ධනාගාර අතරින් එකක් ලෙස මෙම ගිල්බෝ - ආ බන්ධනාගාරය සැලකෙයි.

    රහසිගත උමගකින් රැඳවියන් පළාගොස් ඇති අතර ප්‍රදේශයේ ගොවීන් ලබාදුන් තොරතුරකට අනූව බන්ධනාගාර නිලධාරීන් සිදුකළ සෝදිසි කිරීම්වල දී රැඳවියන් පළාගොස් ඇති බවට සොයා ගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 07 සැප්තැම්බර් 2021 11:15

    Latest News