බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ලක්ෂ 70 ඉක්මවයි

සැප් 07, 2021

    ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා ගොස් තිබේ.

    නව ආසාදිතයන් 41,000කට වැඩි පිරිසක් එරටින් ඊයේ වාර්තා වීමත් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි,වර්තා වන්නේ.ආසාදිතයන් අතරින් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව මිය යන අතර සමස්ත මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 33,000 ඉක්මවා තිබේ.

    දැනට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් අතර 5 වැනි ස්ථානයේ වසංගත අවදානම සහිත රටක් ලෙසයි, බ්‍රිතාන්‍ය සැළකෙන්නේ. වසංගතය වැළැක්වීමට විවිධ ප්‍රදේශවල සීමා කිරිම් පනවා ඇති අතර රටේ ආහාර හිඟයක් ඇති වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

    බ්‍රෙක්සිට් ගිවිසුම අහෝසි කිරීම මෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් ලොරි රියදුරන්ගේ හිඟයක් ද බ්‍රිතාන්‍යයේ පවතියි. එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර හිඟයක් මෙන්ම, ආහාර මිල ඉහළ යාමේ අවදානමක් තිබෙන බවයි තොග වෙළෙඳුන් පෙන්වා දෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 07 සැප්තැම්බර් 2021 11:30

    Latest News