අවුන් සාන් සුකී ට සිරදඬුවම්

දෙසැ 06, 2021

    බලයෙන් පහකෙරුණු මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකීට සිරදඬුවම් ලබාදීමට එරට විශේෂ අධිකරණයක් නියෝගකර තිබේ.

    මේ දිනවල ඇයට එරෙහිව නඩු කිහිපයක් විභාග වන අතර මෙම දඬුවම නියම කර ඇත්තේ එහි පළමු නඩුවේ තීන්දුව අනුවයි.

    අවුන් සාන් සුකීට වසර 4ක සිරදඬුවමක් ලබාදී තිබූ අතර ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ අනෙකුත් නඩු ඇසීමෙන් අනතුරුව ඇයව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමට ඉඩ ඇති බවයි.

    අවුන් සාන් සුකී ට එරෙහිව චෝදනා 11ක් ගොනුකර තිබු අතර ඇය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළාය.

    76 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී ව හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ පසුගිය පෙබරවාරි මාසයේදී බලයෙන් පහ කිරීමට එරට හමුදා ප්‍රධානියා කටයුතු කළේය.

    Latest News