අමෙරිකාවේ 'ඔමික්‍රෝන්' ආසාදිතයින් ඉහළට

දෙසැ 06, 2021

    අමෙරිකාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි.

    'ඔමික්‍රෝන්' ව්‍යාප්තියේ ආරම්භයත් සමග එරට රෝහල් පද්ධතිය යළි අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතී.

    අමෙරිකාවේ ප්‍රාන්ත 12කින් හඳුනාගැණුනු 20දෙනෙකුට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

    ඔවුන් කිසිවෙකුට නව ප්‍රභේදය ආසාදය වීමෙන් දරුණු රෝගාබාධ මෙතෙක් වර්ධනය වී ‍නොමැති බවට වාර්තා වෙයි.මෑතකදී දකුණු අප්‍රිකාවේ සංචාරය කළ පුද්ගලයින් මෙන්ම කිසිදු සංචාරයක නිරත නොවූ අයද ඒ අතර සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අමෙරිකානු බලධාරීන් සදහන් කරනුයේ ඔමික්‍රෝන් ප්‍රභේදය එරට ප්‍රජාව තුළ සම්ප්‍රේෂණය වීම ආරම්භ වී ඇති බවයි.

    Latest News