"රායි" පිලිපීනය කළඹයි...

දෙසැ 19, 2021

    පිලිපීනයේ "රායි" සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

    අතුරුදන් වූවන් සොයා 18,000 ක බලඇණියක් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි, විදෙස් මාධ්‍ය පවසනවා. පසුගිය බ්‍රහස්පතින්දා හටගත් මෙම සුළි කුණාටු තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යා හැකි බවටයි, ආරක්ෂක අංශ සැක පළ කරන්නේ. 300,000 කට අධික පිරිසක් මේ වන විටත් ආපදා මධ්‍යස්ථානවල රැඳී සිටිනවා. කුණාටුව හේතුවෙන් ප්‍රදේශ රැසක සන්නිවේදනය හා විදුලිය බිඳවැටීම් සිදුවුණා.

    Latest News