"ඔමික්‍රෝන්" වැඩිම බලපෑම එක්සත් රාජධානියට

දෙසැ 19, 2021

    ඔමික්‍රෝන් ප්‍රභේදයේ වැඩිම බලපෑම සහිත රට බවට එක්සත් රාජධානිය පත්ව තිබෙනවා.

    එරටින් ඊයේ හඳුනාගැනුණු ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත ආසාදිතයින් සංඛ්‍යාව 10,000 කට අධිකයි. ලන්ඩන් නගරයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් 80% ක පමණ පිරිසක් වාර්තා වී ඇත්තේ, ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳුණු පුද්ගලයන් ලෙසයි. එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද දැඩි පීඩාවට පත්ව තිබෙනවා. රට පුරා එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.

    Latest News