නත්තලේ ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ

දෙසැ 25, 2021

    ලොව පුරා කිතුණු ප්‍රජාව නියෝජනය කරමින් ප්‍රධාන දේව මෙහෙය ඊයේ රාත්‍රී පැවැත්වුණේ, වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී. ඒ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

    කොරෝනා වෛරස අවදානම හේතුවෙන් මෙවර නත්තල් දේව මෙහෙය පැවැත්වුණේ නම් කරන ලද පිරිසකගේ සහභාගීත්වයෙන් පමණයි.

    කොරෝනා වසංගත තත්වයට පෙර රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් 10,000ක පමණ බැතිමතුන් පිරිසක් මේ අවස්ථාවට එක්කර ගැනුණද මෙවර දේව මෙහෙයට සහභාගී කර ගනු ලැබුවේ දෙදහසක පිරිසක්.

    පාප් වහන්සේ සහ ගීතිකා කණ්ඩායම් සීමිත ගණනක් හැර අනෙක් සියලුදෙනා මුඛ ආවරණ පැළඳ සිටි අතර දේව මෙහෙය සියලුම සෞඛ්‍ය නීති අනුගමනය කරමින් පවත්වනු ලැබීය.

    ජේසු බිළිදානන් උපත ලැබූ බෙත්ලෙහෙමේදීද ඊයේ මධ්‍යම රාත්‍රී දේවමෙහෙය පැවැත්විණ. ජෙරුසෙලමේ නැටිවිටි දේවස්ථානයේ පැවති දේව මෙහෙයට සහභාගී වීමට බැතිමතුන්ට ඉකුත් වසරේ අවස්ථාව හිමි නොවුනද මෙවර එම අවස්ථාව ලබා දී තිබිණ.

    Last modified on සෙනසුරාදා, 25 දෙසැම්බර් 2021 11:21

    Latest News