ලුෆ්තන්සා ගුවන් ගමන් 31,000ක් අවලංගු කරයි

දෙසැ 25, 2021

    යුරෝපා කලාපයේ මෙන්ම විවිධ රටවල ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය තවමත් අවිනිශ්චිත තත්වයට පත්ව තිබේ.

    ඇතැම් රටවල් පනවා ඇති සංචාරක තහනම හා සීමා හේතුවෙන් ගුවන් ගමන් වාර බොහොමයක් අවලංගු කෙරිණ.

    ජර්මනියේ ලුෆ්තන්සා ගුවන් සේවය ද ශීත සෘතුවේ ගුවන් ගමන් 31,000ක් පමණ අවලංගු කිරීමට තීරණය කර තිබේ. ලුෆ්තන්සා ගුවන් සේවය යුරෝපයේ විශාලතම ගුවන් සේවා සමූහයයි.

    එම ගුවන් සේවය සිය ගමන් වාරවලින් 60%ක් පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    Latest News