"එක් තීරයක් එක් මාවතක්" ක්‍රියාත්මක රටවල චීන ඍජු විදේශ ආයෝජන අඛණ්ඩව ඉහළට

දෙසැ 25, 2021
    "එක් තීරයක් එක් මාවතක්" වැඩසටහනට අයත් ව්‍යාපෘති ක්‍රියාත්මක  රටවල් සමඟ ඇති ආයෝජන සහයෝගීතාව චීනයේ විදේශ ආයෝජනවල කැපී පෙනෙන අංගයක් වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක  ගඕ ෆෙං මහතා කියාසිටී. එසේම, එම ආයෝජන සහයෝගීතා අඛණ්ඩව ඉහළ යමින් පවතී.
    මේ වසරේ ඉකුත් මාස 11 තුළ " එක් තීරයක් එක් මාවතක් " ව්‍යාපෘති ක්‍රියාත්මක රටවලට චීනය  සිදුකර ඇති මූල්‍ය නොවන සෘජු ආයෝජන වටිනාකම පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 12.7% කින් ඉහළ ගොස් තිබේ.
     
    එසේම,  අදාළ ගිවිසුම්ගත ව්‍යාපෘතිවල පිරිවැටුම පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 8.2% කින් වැඩි වූ බව ගඕ ෆෙං මහතා  ප්‍රකාශ කළේය. චීනය සහ එම රටවල් අතර ඇති ආර්ථික හා වෙළඳ සහයෝගිතාවයේ ශක්තිය එමගින් පිළිබිඹු කෙරෙන බව ද ඔහු කියාසිටී.
    මේ වසරේ ඉකුත් මාස 11 තුළ චීනයේ මූල්‍ය නොවන විදේශ සෘජු ආයෝජන වටිනාකම යුවාන් බිලියන 640.38 කි. එසේම, විදේශ ගිවිසුම්ගත ව්‍යාපෘතිවල පිරිවැටුම යුවාන් බිලියන 856.47 ක් බව චීන වාණිජ අමාත්‍යාංශ සංඛ්‍යා ලේඛනයක දැක්වේ.
     
     
    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු
    චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News